Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2023 20:58:16 Hours

විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා පාබල හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ටී.සී.කේ. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (ජුනි මස 23) දින පනාගොඩ ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණී.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණී බ්‍රිගේඩියර් ටී.සී.කේ. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තු සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පුදකළහ. ඉන් අනතුරුව, එතුමන් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී දිවංගත රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.