Header

Sri Lanka Army

Defender of the Nation

21st June 2023 20:07:01 Hours

ධුරයෙන් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත 65 පාබල සේනාංකයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්ම යන 65 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (13) දින තුනුක්කායි හි පිහිටි එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි. සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එතුමන් සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කළේය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලය සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් ද සහභාගි වූහ. ධූරයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ පීඑස්සී 651, 652, 653 පාබල බලසේනාවන්, 10 ශ්‍රී ලංකා පාබල හමුදාව, 4 ගජබා රෙජිමේන්තුව, 17 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිල සංචාරයන්හි නිරත වෙමින් එම ඒකකයන්හි භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්තේය. මේජර් ජෙනරල් ඊ.ඒ.ඩී.පී. එදිරිසිංහ පීඑස්සී නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.