Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2023 13:00:41 Hours

මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ භටපිරිස් ශ්‍රමදාන වැඩසටහනක් දියත්කරති

ලෝක පරිසර දිනයට සමගාමීව අත්තිඩිය, මිහිඳු සෙත් මැදුර සුවතා නිකේතනයේ සහ ඒ අවට රුක් රෝපනය කිරිමේ වැඩසටහනක් ඉකුත් සඳුදා (ජුනි 05) දින පවත්වන ලදී.

භටපිරිස් විසින් ඉකුත් බදාදා (ජුනි 07) දින මුළු ප්‍රදේශයම ආවර්ණය වන පරිදි පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර පරිසරය දූෂණය කරන අපද්‍රව්‍ය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කර විනාශ කරන ලදී. මිහිඳු සෙත් මැදුර කාර්ය මණ්ඩලය, සියපත ෆිනෑන්ස් පුද්ගලික සමාගම සමග එක්ව ‘ප්ලාස්ටික් දූෂණයට විසඳුම්’ යන තේමාව යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.