Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2023 17:10:28 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර රාජකාරි අරඹයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැඟෙනහිර නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී පසුගිය සඳුදා (12) දින එම මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාරගත්තේය. ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැඟෙනහිර නව ආඥාපතිතුමන් එම මූලස්ථාන පරිශ්‍රයේදී මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබීය.

මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්තමක නිල ලේඛනයකට අත්සන් තබමින් ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කළේය. එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කල අතර, පසුව සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය. උත්සව කටයුතු අවසානයේදී නව ආඥාපතිතුමන් කාර්යය මණ්ඩලය සහ සියලු භට පිරිස් අමතන ලදී. මෙම අවස්ථාව සඳහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, බලසේනාධිපතිවරුන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැඟෙනහිර මාණ්ඩලික නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.