Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2023 17:10:27 Hours

නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරල් ලෙස මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී පසුගිය සිකුරාදා (ජූනි 09) දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය කාර්යාලයේදී පොල් තෙල් පහන දල්වා ආගමික වතාවත් සහ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාවට පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ. මීට ප්‍රථම, මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යාපනයේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි ඉටු කළේය.