Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2023 18:35:01 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් 15 ශ්‍රී ලංකා පාබල හමුදාවේ බළලත් නිලධාරී/සැරයන් නිවස්නය විවෘත කරයි

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ජූනි මස 8 වන දිස සිට 11 වන දින දක්වා කාලය තුළ 12,15,19,23 සහ 14 ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු ඒකකයන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එම ඒකකයන්හි අණදෙන නිළධාරීන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, පසුව ඒකක අණදෙන නිලධාරීන් විසින් එතුමන් වෙත එම ඒකකයන් විසින් වර්ථමානයේ සිදුකරනු ලබන කාර්යභාරයන් පිළිබඳව කෙටි විස්තර කිරීමක් සිදුකරනු ලැබීය. පසුව සියලු භටපිරිස් අමතමින් සෙබළුන්ගේ විනය ඉහළ මට්ටමක පවත්වාගැනීමේ වැදගත්කම සහ යුද්ධ හමුදා ජීවිතයේ ඇති වැදගත්කම පිළිබඳව අදහස් ප්‍රකාශ කළේය. එහිදී එතුමන් භටපිරිස්හි සුබසාධන පහසුකම් සහ පරිපාලන ගැටලු පිළිබඳව ද විමසා ඒ සඳහා අවශ්‍ය උපදෙස් ඒකක අණදෙන නිලධාරීන් වෙත ලබා දුන්නේය.

මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය ක්ෂේත්‍ර සංචාරය අතරතුරදී ත්‍රිකුණාමලය, මොල්ලිපාතම් හි පිහිටි 15 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරෙහි නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන පිවිසුම් දොරටුව සහ බළලත් නිලධාරී/සැරයන් නිවස්නය විවෘත කරන ලදී. එහිදී එතුමන් එම ඒකකයේ භටපිරිස්හි උත්සාහය සහ කැපවීම අගය කරමින් ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා සුභාශිංෂන පිරිනැමීය.

ක්ෂේත්‍ර චාරිකාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ එම රෙජිමේන්තු මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු ද එක් වූහ.