Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2023 19:14:00 Hours

52 පාබල සේනාංකයේ නව සේනාංකාධිපති රාජකාරි අරඹයි

52 පාබල සේනාංකයේ 29 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (2023 ජූනි මස 08) දින මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථානයේදී ධුරයේ රාජකාරි භාරගත්තේය.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංකයේ මාණ්ඩලික නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

නව සේනාංකාධිපතිතුමන් රාජකාරි භාරගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් එම සේනාංකය පිළිබඳ එතුමන් සතු ඉදිරි දැක්ම පිළිබඳ දැනුවත් කළේය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 22 සේනාංකයේ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.