Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2023 23:51:29 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නව බලකාධිපතිතුමන් රාජකාරි අරඹයි

දොඹගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ නව බලකාධිපති ලෙස බ්‍රිගේඩියර් ජී.එ්. මුණසිංහ ආර්එස්පී ඒටීඕ පසුගිය බදාදා (07) දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ජී.එ්. මුණසිංහ ආර්එස්පී ඒටීඕ වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.එම්.ඒ.ඩබ්ලිව්.කේ. පෙරේරා ඒඒටීඕ උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව එතුමන් රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී දිවංගත වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර පුදකළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ නව බලකාධිපතිතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් ජී.එ්. මුනසිංහ ආර්එස්පී ඒටීඕ රෙජිමේන්තු කාර්ය මණ්ඩලය ඉදිරියේදී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළ එතුමන් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා ද සහභාගී වූවේය. එහිදී, කැපවීමෙන් රාජකාරි ඉටුකිරීම සහ කණ්ඩායමක් ලෙස රාජකාරි කටයුතු සිදුකිරීමෙන් ආයතනික අරමුණු සාක්‍ෂාත් කරගත හැකි බව පෙන්වා දුන්නේය.