Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2023 23:52:24 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති කඳවුරු සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සි එල්එස්සී පසුගිය ඉරිදා (ජුනි මස 11) දින 5 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ 6 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත වූයේය. සංචාරයේ නිරත මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සි එල්එස්සී එම ඒකකයන්හි අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව සමූහ ඡායාරූප කිහිපයකට ද එතුමන් පෙනී සිටියේය. එම ඒකකයන්හි භටපිරිස් ආමන්ත්‍රණය කළ විනයාරක්‍ෂාධිපතිතුමන් සියලු නිල තේ පැන් සංග්‍රහයන් සඳහා ද සහභාගී වූ අතර, ඒකක මූලස්ථාන පරිශ්‍රයන් වෙතින් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් ද තැබුවේය. එම අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.