Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2023 23:53:26 Hours

යුද්ධ හමුදා විධායක ජෙනරාල්, යුද්ධ හමුදා මූලස්ථානයේ විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ රාජකාරි කටයුතු අධීක්‍ෂණය කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරාල් ලෙස ධූරයේ රාජකාරි භාරගත් මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී පසුගිය සඳුදා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂක මණ්ඩල කාර්යාලය වෙත නිල සංචාරයක නිරත විය. විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂක මණ්ඩල කාර්යාලය වෙත සපැමිණි එතුමන් එම අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙ‍නරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය. පසුව එම අධ්‍යක්ෂ මණ්ඩලයේ කාර්යය භාරය සහ වගකීම් සහ එහි ක්‍රියාකාරී අංශයන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් මේජර් ජෙනරල් එස්.ආර්.බී අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ඉදිරිපත් කරන ලදී.