Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2023 18:54:36 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නව කර්නල් සේනාවිධායකතුමන් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 14 වන කර්නල් සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී මෝදර ප්‍රදේශයේ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය බදාදා (2023 ජුනි මස 07) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරාවාචරය පුදකිරීමෙන් අනතුරුව 1 විමර්ශන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරිතුමන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරාවාචරයන් පුදකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් ඉදිරියේදී එතුමන් නිල වශයෙන් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව කර්නල් සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් ද රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය දැක්ම පිළීබඳ පැහැදිළි කළේය.

සියලු නිල තේ පැන් සංග්‍රහය සඳහා සහභාගී වීමෙන් අනතුරුව එතුමන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරින් ආමන්ත්‍රණය කරමින් ඉහළ මට්ටමින් විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ පෙන්වා දුන්නේය.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.