Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2023 18:55:36 Hours

උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි සංචාරයක

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත සියලුම කඳවුරුවල භඨකාර්ය සම්පාදන සහ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමේ අරමුණින් යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී. වනිගසේකර යූඑස්පී සහ තවත් මාණ්ඩලික නිලධාරීන් කිහිපදෙනෙකු පසුගිය සිකුරාදා (09) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.ආර්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ජේ.බී. වනිගසේකර යූඑස්පී ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මාණ්ඩලික නිලධාරින්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිළිගැනීමෙන් අනතුරුව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී විසින් එම මූලස්ථානයේ කාර්යභාරයන් සබැඳිව කෙටි හැඳින්වීමක් සිදුකළේය. එම මූලස්ථානයේ භඨකාර්ය සම්පාදන සහ පරිපාලන කටයුතු පිළිබඳ සොයාබැලීමෙන් අනතුරුව උපකරණ මාස්ටර් ජෙනරාල් සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් අනෙකුත් නිලධාරින් සමඟ අනෙකුත් ඒකකයන්හි භඨකාර්ය සම්පාදන සහ පරිපාලන කටයුතු පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ තවත් නිලධාරින් කිහිපදෙනෙකු සහභාගි වූහ.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහන් ද තැබූහ.