Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2023 18:13:57 Hours

221 වන පාබල බලසේනාවේ 13 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

221 වන පාබල බලසේනාවේ 13 වන සංවත්සර දින සැමරුම නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව රත්නායක ගේ මඟපෙන්වීම යටතේ සැමරුම් උත්සව මාලාවක් පසුගිය 12 දින සිට 17 දින දක්වා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි එම බලසේනා මූලස්ථානයේදී පැවැත්වීය. සැමරුම් උත්සව මාලාවේ පළමු අදියර ලෙස පසුගිය සඳුදා (13) දින බ්‍රිගේඩියර් සුජීව රත්නායක ඇතුළු එම බලසේනාවේ සියලුම නිලයන් ත්‍රිකුණාමලය ගෝකණ්න රජමහා විහාරස්ථානයේදී බෝධි පූජාමය පිංකමක් පවත්වා පසුදින මහා සංඝරත්නය වෙත හීල් දානය පූජාකළහ. අනතුරුව එදින සන්ධ්‍යාවේ ත්‍රිකුණාමලය කෝනේශ්වරම් කෝවිලේ සහ ගල්පල්ලිය දේවස්ථානයේ ආගමික වතාවත් සිදුකරනු ලැබූහ.

සංවත්සර දිනය යෙදී තිබූ පසුගිය බ්‍රහස්පතින්දා (16) දින කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් සුජීව රත්නායක වෙත එම බලසේනාවේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ. සංවත්සර දිනය නිමිත්තෙන් 221 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. ඉන් පසුව පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ බ්‍රිගේඩියර් සුජීව රත්නායක බලසේනාවේ කාර්යය මණ්ඩලය සහ භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරත විය.