Header

Sri Lanka Army

Defender of the Nation

20th March 2023 18:17:05 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි 25 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි 25 වන සැමරුම් දිනය සනිටුහන් කරමින් පසුගිය සෙනසුරාදා (මාර්තු මස 18) දින ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ මඟපෙන්වීම යටතේ සැමරුම් උත්සවයක් ක්‍රියාත්මක කරනු ලැබීය. සංවත්සර සැමරුම් උත්සව අවස්ථාව සඳහා සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ වෙත 4 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකළහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කළ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය. අනතුරුව භටපිරිස් ඇමතූ මේජර් ජෙනරල් චම්පක රණසිංහ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සියලු නිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී වූයේය.