Header

Sri Lanka Army

Defender of the Nation

22nd March 2023 09:21:53 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර සිය බලප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්වල සුවදුක් සොයාබැලීමේ අරමුණින් පසුගිය සඳුදා (මාර්තු මස 13) දින 681 වන පාබල බලසේනාව සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත වූයේය.

ක්ෂේත්‍ර චාරිකාවේ ආරම්භය සනිටුහන් කරමින් චලෙයි ප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සංචාරයෙන් අනතුරුව මේජර් ජෙනරල් දර්ශන විජේසේකර චලෙයි, නාවික හමුදා කඳවුරේ ස්ථාපිත රේඩාර් ඒකකය ද නිරීක්‍ෂණය කළේය. පසුව, උදයාර්කට්ටුකුලම් ප්‍රදේශයේ පිහිටි 6 වන ගැමුණු හේවා බලකාය වෙත ගොස් එම ඒකකයේ භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරතවූයේය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් 681 වන පාබල බලසේනාව වෙත ගියේය. මෙම සංචාරය සඳහා 68 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි, 681 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ගුණතුංග, අණදෙන නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.