Header

Sri Lanka Army

Defender of the Nation

22nd March 2023 21:35:58 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක පසුගිය සඳුදා (මාර්තු මස 20) දින ආගමික වතාවත් සහ හමුදා සම්ප්‍රදායන්ට අනුව නව ධූරයේ රාජකාරි භාරගත්තේය. එම පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් පසුව මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ අණදෙන නිලධාරි කර්නල් කුමාර රණතුංග එතුමන් උණුසුම් අයුරින් පිළිගත්තේය. නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව එතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි කටයුතු හෙබවූවේය. මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් සේනක කස්තුරිමුදලි 68 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ධූරයට පත්කෙරිණි.