Header

Sri Lanka Army

Defender of the Nation

22nd March 2023 21:40:56 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි 2023 මාර්තු මස 19 සිට 20 දින දක්වා කාලය තුළ 24 වන පාබල සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි ක්ෂේත්‍ර සංචාරයක නිරත වූවේය. මෙම සංචාරයේදී, මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි 241 සහ 242 වන පාබල බලසේනාවන්, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 8, 11 සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවන්හි සංචාරය කිරීමෙන් අනතුරුව මුහුදු මහා විහාරය සහ දීඝවාපි විහාරස්ථානය වෙත ගොස් එම පුදබිම් තුළ සිදුකරනු ලබන ස්ථූප ඉදිකිරීමේ ව්‍යාපෘතීන් නිරීක්‍ෂණය කළේය.

මෙම සංචාරයේදී සෑම බලසේනාවක් සහ ඒකකයක් වෙතින්ම ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ බලප්‍රදේශයන්හි කාර්යභාරයන් පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකරනු ලැබූ අතර එම කඳවුරු තුළදී බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ භටපිරිස් සමඟ අදහස් හුවමාරුවක් ද සිදුකෙරිණි. එමෙන්ම, මෙම සංචාරය සනිටුහන් කරමින් පැළ සිටුවීම සහ විශේෂ අමුත්තන් සඳහා වූ පොත්වල සමරු සටහන් තැබීම ද සිදුකරනු ලැබිණි. 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල චන්ද්‍රසිරි, බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම සංචාරය සඳහා සහභාගී වූහ.