Header

Sri Lanka Army

Defender of the Nation

25th March 2023 21:18:35 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, සිය බලප්‍රදේශයේ ක්‍ෂේත්‍ර චාරිකාවක

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, මේජර් ජෙනරල් මොහාන් රත්නායක පසුගිය අඟහරුවාදා (21) දින බදුල්ලේ පිහිටි 112 වන පාබල බලසේනා මූලස්ථානයේ සහ බුද්දන්කෝට්ටේ පිහිටි 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා කඳවුරේ ක්‍ෂේත්‍ර සංචාරයක නිරත වූයේය.

එම ක්‍ෂේත්‍ර චාරිකාවේදී 112 වන පාබල බලසේනා පරිශ්‍රයේදී එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දුමින්ද දයාවංශ සහ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා කඳවුරු පරිශ්‍රයේදී එම ඒකකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඒ.එම්.ඒ.එන්.කේ වැලිගෙපොල විසින් මේජර් ජෙනරල් මොහාන් රත්නායක ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එතුමන් විසින් එම අවස්ථාවන් සනිටුහන් කරමින් 112 වන පාබල බලසේනා පරිශ්‍රයේ ‘නා’ පැළයක් සහ 2 වන ශ්‍රී ලංකා රයිෆල් බලකා කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කරන ලදී.

ක්‍ෂේත්‍ර චාරිකාවන් අතරතුර, මේජර් ජෙනරල් මොහාන් රත්නායක එම කඳවුරු පරිශ්‍රයන්හි නිරීක්‍ෂණ කටයුතු සිදුකල අතර, එහිදී භටපිරිස්හි සුවදුක් ද විමසා බැලීය. එම අවස්ථාවන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද සහභාගී වූහ.