Header

Sri Lanka Army

Defender of the Nation

31st May 2023 20:08:51 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, සිය බලප්‍රදේශයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 2023 මැයි 29 වන දින ශ්‍රී නාගවිහාරයේ සහ නාවට්කුලි විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරි විමල හිමියන්, දිස්ත්‍රික් ලේකම් ඒ සිවබාලසුන්දරන් මහතා, යාපනය ප්‍රධාන ලේකම් එස්.එම් සමන් බන්දුලසේන මහතා හමුවී යුද හමුදා සාමාජිකයන් විසින් සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව දැනුවත් කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ශාන්ත ජෝන් බොස්කෝ පාසල වෙත ගොස් ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භට පිරිස් විසින් සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ හා ඉදිකිරීම්වල ප්‍රගතිය ඇගයීමට ලක් කළේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සිය සංචාරයන්හි දී භටපිරිස් සහ සිවිල් ප්‍රජාව අතර සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදී. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව එතුමන් සිදුකළ සුහඳ සංචාරයද මෙය වේ.