Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2023 20:17:56 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද නව ආඥාපති රාජකාරි අරඹයි

අනුරාධපුර ප්‍රදේශයේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ 29 වන ආඥාපති ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී 2023 ජුනි මස 07 දින ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ඇමතීය. උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.