Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2023 15:47:53 Hours

මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත්ම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර (විශ්‍රාමික) ජුනි මස 08 දින අභාවප්‍රාප්ත වූයේය. අභාවප්‍රාප්ත වන විට හෙතෙම 77 වන වියේ පසුවිය. එතුමන්ගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත.

අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සඳුදා (ජුනි මස 12) දින සන්ධ්‍යාවේ 04.00 ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.