Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2023 18:59:29 Hours

ධූරයෙන් නික්ම යන ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත එම සේනාංකයේ ගෞරවාචාර

ධුරයෙන් නික්ම යන ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායනුකූල ගෞරවාචාරය පුදකිරීමේ උත්සවයක් මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු සේනාංක මූලස්ථානයේදී ජුනි මස 07 දින පැවැත්විණි.

එම මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ඉංජිනේරු සේනාංක සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූප කිහිපයකට ද එතුමන් සහභාගී වූවේය.

භටපිරිස් ඇමතූ එතුමන් සිය සේවා කාලය තුළ සියලු නිලයන් ලබාදුන් සහයෝගය ඇගයීමට ලක්කළේය. විශේෂයෙන් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (CBRN) ක්ෂේත්‍රවල මෙහෙයුම් සූදානම සඳහා අඛණ්ඩ හමුදා පුහුණුවේ වැදගත්කම පිළිබඳ අදහස් දක්වමින් එතුමන් යුද්ධ හමුදාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමෙන් අඛණ්ඩව කටයුතු කරන ලෙස දැනුවත් කළේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.