Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2023 19:05:14 Hours

යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

බුත්තල ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලයේ නව සේනාවිධායක ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2023 ජුනි මස 5 දින පැවති කෙටි උත්සවයකදී ධුරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.

යුද විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ඇතුළු අනෙකුත් නිලධාරින් එක්ව එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ආගමික වතාවත් මධ්‍යයේ ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් යූ.කේ.ඩී.ඩී.පී. උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාවිධායකතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව එම විද්‍යාලයේ සේවයේ නියුතු සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටියේය.

එතුමන් එම විද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ආරක්‍ෂක අධ්‍යයන ශාඛාවේ නිලධාරීන්, ස්ථීර කාර්ය මණ්ඩලය සහ සෙසුනිලයන් ඇමතුවේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් පැවැත්විණි.