Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2023 18:47:21 Hours

නික්ම යන බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායකතුමන්ට එම විද්‍යාලයේ ගෞරවාචාරය

නික්ම යන බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් වයි.ඒ.එම්.බී. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සඳුදා (ජුනි මස 05) දින එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

නික්ම යන සේනාවිධායකතුමන් යුද්ධ හමුදා යුද විද්‍යාලය වෙනුවෙන් සිදුකරනු ලැබූ අනුපමේය සේවය ඇගයීමට ලක්කරමින් භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබීය. යුද්ධ හමුදා යුද විද්‍යාලයේ කාර්යය මණ්ඩලය ඇමතූ එතුමන් යුද්ධ හමුදාවේ ප්‍රධාන පුහුණු ආයතනයක් ලෙස එහි කටයුතු සුමටව පවත්වාගෙන යාම සඳහා කාර්ය මණ්ඩලය සහ පරිපාලන මණ්ඩලය විසින් දක්වනු ලැබු කැපවීම අගය කළේය.

එහිදී, යුද්ධ හමුදා යුද විද්‍යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව එහි පළමු සංවත්සර සැමරුමෙන් පසු පැවැත්වූ ප්‍රථම සම්මන්ත්‍රණය පිළිබඳව ද එතුමන් මතකයන් අවදි කළේය. පසුව පැවැති සියලු නිල තේපැන් සංග්‍රහයක් වෙනුවෙන් ද එතුමන් සහභාගී වූවේය.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරී භාරගැනීමට නියමිත බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් වයි.ඒ.එම්.බී. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත සියලු නිලයන් සිය සුබපැතුම් එක්කළහ.