Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2023 20:05:06 Hours

නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු රාජකාරි අරඹයි

යුද්ධ හමුදාවේ 14 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ලෙස මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 8) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී පැවති කෙටි උත්සවයක දී රාජකාරි භාරගත්තේය.

මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

මීට ප්‍රථම, මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති ධුරය හෙබවූවේය.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ධූරය සඳහා පත්කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන මාණ්ඩලික නිලධාරින්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.