Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2023 18:57:38 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ 51 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (ජූනි මස 09) දින කොස්ගම, සීතාවක ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි භාරගත්තේය.

එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම මූලස්ථාන සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සනිටුහන් කරනු ලැබීය.

නව සේනාවිධායකකුමන් ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සිය දැක්ම පිළිබඳ දැනුවත් කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී වූවේය.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී මෙම ධූරය සඳහා පත්කෙරිණි.

මීට ප්‍රථම, මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික සහ කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකායේ බලකාධිපති ධූරයන් හෙබවූවේය. එතුමන් විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවනු ලබයි.