Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2023 18:39:39 Hours

1 බලකායේ 3 වන බලකාධිපති සිය ධූරයෙන් නික්මයයි

1 බලකායේ 3 වන බලකාධිපති ලෙස ධූරය හෙඹවූ මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී 2023 ජූනි මස 05 දින කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූලව උත්සවයකදී සිය ධූරයෙන් නික්ම යනු ලැබීය.

1 බලකාය වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී වෙත ප්‍රධාන දොරටුව අභියසදී විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරනු ලැබූහ. අනතුරුව නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයෙන් නික්ම යෑම සංකේතවත් කළේය. එම අවස්ථාවට සපැමිණි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සහ 1 බලකායේ මාණ්ඩලික නිලධාරීන් සමඟින් එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

අනතුරුව, එතුමන් ‘නෙළුම්පියස’ සම්මන්ත්‍රණ ශාලාවේදී 1 බලකායේ භටපිරිස් අමතමින්, සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත ස්තූතිය පුදකළ අතර, යුද්ධ හමුදාවේ ඉදිරි ප්‍රගමණය සහ කීර්තිය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම ඒ ආකාරයෙන්ම ඉදිරියට ලබාදෙන ලෙස උපදෙස් ලබාදුන්නේය.

උත්සවය සමාප්තියේ එතුමන් 1 බලකා මූලස්ථානයේ කොමිෂන් නොලත් නිලධාරි සමාජ ශාලාවේදී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් සමඟ සියලු නිලධාරීන් සහ සෙසුනිලයන් එක්න පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයකට ද සහභාගී විය.