Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2023 21:07:49 Hours

ධූරයෙන් නික්ම යන ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති 4 (සෙව්) ඉංජිනේරු බලකායේ සංචාරයක

ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී එම ධූරයෙන් නික්ම යාමට පෙර පසුගිය සදුදා (05) දින 4 (සෙව්) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සංචාරක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී 4 (සෙව්) ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.ජේ.එම්.ඊ.සී.ඩී සමරකෝන් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අනතුරුව, එතුමන් එම ඒකකයේ භටපිරිස් අමතමින්, තම ධූර කාලය තුළ විශේෂයෙන්ම, ජාතිය ගොඩනැගීමේ කාර්යයන් සහ යුද්ධ හමුදාවේ සියලුම ඉදිකිරීම් කටයුතු සඳහා ලබා දුන් සහයෝගය අගය කරන ලදී.

සංචාරය සිහිපත් කිරීම සඳහා එතුමන් කඳවුරු පරිශ්‍රයෙහි පැළයක් සිටවූ අතර, උත්සවයේ වැඩ කටයුතු අවසන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක් විය.