Header

Sri Lanka Army

Defender of the Nation

22nd May 2023 17:00:57 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායකට එම බලකායේ ගෞරවාචාරය

නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බ්‍රහස්පතින්දා (මැයි 18) දින පොල්හේන්ගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සංවිධානය කරන ලදී.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි කර්නල් සේනාවිධායක වෙත භටපිරිස් විසින් කඳවුරු මුරයේ සහ සම්මාන ආචාර මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. පසුව නිලධාරි නිවස්නයේ පැවැති තේපැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූ එතුමන් නිලධාරින් සමග සමූහ ඡායාරූපයකටද පෙනි සිටියහ. අනතුරුව එතුමන් භටපිරිස් ඇමතු අතර සිය ධූර කාලය තුළ තමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමා, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සියලුම සාමාජිකයින්, හිටපු කර්නල් සේනාවිධායකයින් සහ සියලුම නිලයන් වෙත ස්තුතිය පුද කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා නිලධාරි නිවස්නයේදී නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන මේජර් ජෙනරල් ඒ.එල් ඉලංගකෝන් වෙත සමුගැනීමේ රාත්‍රි සාදයක් පිරිනමන ලදී. පසුව විනයරක්‍ෂාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ කැපී පෙනෙන ජයග්‍රහණ, සන්ධිස්ථානයන් සහ මතකයන් සිහිපත් කරමින් එතුමන් වෙත කෘතඥතා සහ ප්‍රශංසා පුදකරමින් ස්තුතී කතාව පවත්වන ලදී.

එදින උත්සව අවස්ථාවන් සඳහා විනයරක්‍ෂාධිපති, මන්ත්‍රණ සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී විය.