Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2023 18:13:42 Hours

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ විසින් රචිත ‘Story of the World’ කෘතියේ පිටපතක් ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිතුමන් වෙත පිළිගැන්වේ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි හොබවන කර්නල් එම්.බී.බී.එන්. හේරත් ආර්එස්පී පීඑස්සී විසින් රචනා කළ ‘Story of the World’ කෘතියේ පිටපතක් පසුගිය දා ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති අතිගරු ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටෙට් (HE Jean-François Pactet) මහතා වෙත පිළිගැන්වීය.

මෙම අවස්ථාව සඳහා කොළඹ පිහිටි ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්‍ෂක උපදේශක කමාන්ඩර් ජීන් බැප්ටිස්ට් ට්‍රෝච් (Commander Jean-Baptiste Trouche) මහතා ද සහභාගී විය.

අතිගරු ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටෙට් මහතා සහ කමාන්ඩර් ජීන් බැප්ටිස්ට් ට්‍රෝච් මහතා මෙම කෘතියේ කතුවරයා වන කර්නල් එම්.බී.බී.එන්. හේරත් ආර්එස්පී පීඑස්සී සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් ජාත්‍යන්තර කටයුතු සහ වත්මන් භූ දේශපාලනික සන්දර්භයන් පිළිබඳ අදහස් හුවමාරු කරගත්හ.

‘Story of the World: Geopolitical Alliances and rivalries set in Stone’ කෘතිය 2023 ජනවාරි මස 12 දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පි එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික) ඉදිරියේදී නිල වශයෙන් එළිදැක්වීය.