Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2023 23:14:59 Hours

යුද්ධ හමුදා විධායක ජෙනරාල්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක

යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් පසුගිය සඳුදා (22) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි නිල සංචාරයක නිරත වූහ. එම මූලස්ථානය යටතේ ස්ථාපිත සියළුම සේනාංක මූලස්ථාන, බලසේනා මූලස්ථාන සහ ඒකකයන්හි පාලන කටයුතු පිළිබඳව දැනුවත්වීමේ අරමුණින් මෙම සංචාරය සිදුකරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදා විධායක ජෙනරාල්තුමන් මාණ්ඩලික නිලධාරීන්, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරීන් විසින් ඉතා උණුසුම් පිළිගනු ලැබීය.

මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත සියලුම සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන් සහ ඒකක අණදෙන නිලධාරීන් සමඟ එක්ව එම ආයතනවල පාලන කටයුතු සම්බන්ධ කරුණු සාකච්ඡා කරමින් ඉදිරි කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.