Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2023 11:05:09 Hours

උසස්වීම් ලද යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක වෙත එම විද්‍යාලයේ ගෞරවාචාරය

අභිනවයෙන් උසස්වීම් ලැබූ බුත්තල යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ සේනාවිධායක වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (24) දින එම විද්‍යාලයේදී පැවැත්විණි.

විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී යුද්ධ හමුදා යුධ විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.සී.එස්.කේ සේනාරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලද අතර, අනතුරුව ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනමනු ලැබූහ.

එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයෙයි පැළයක් රෝපණය කරන ලද අතර, අනතුරුව සියලුම නිලයින් ඇමතීම සිදුකරන ලදී.

සියලුම නිලයින් අමතමින්, තම යුද්ධ හමුදා දිවියේ මෙම වැදගත් සන්ධිස්ථානයට පැමිණීම සඳහා මඟ පෙන්වූ යුද්ධ හමුදාවේ සියලුම ජ්‍යෙෂ්ඨයින්ට තම කෘතවේදීත්වය පුද කරමින් මෙම අවස්ථාව සංවිධානය කල සියලුම දෙනාටද ස්තූතිය ප්‍රකාශ කළේය. අනතුරුව පැවති තේ පැන් සංග්‍රහය අතරතුර, එම අවස්ථාවට සහභාගී වූ සියලුම නිළධාරීන් මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සමග සුහදව අදහස් හුවමාරු කරගත් අතර, එතුමන් වෙත සුබ පැතුම් ද පිරිනැමීය.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා යුද විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.