Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2023 11:05:10 Hours

කොළඹ යුද්ධ හමුදා රෝහලේ නව අධ්‍යක්‍ෂතුමන් රාජකාරි අරඹයි

කොළඹ යුද්ධ හමුදා රෝහලේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ.ඩී. විජේරත්න පසුගිය සඳුදා (මැයි මස 8) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

රාජකාරි භාරගැනීම සඳහා යුද්ධ හමුදා රොහල් පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ.ඩී. විජේරත්න වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ.

ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ.ඩී. විජේරත්න ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවේය. මීට ප්‍රථම එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා වෛද්‍ය සේවා උපර්ජන අධ්‍යක්‍ෂ ධූරයේ රාජකාරි කටයුතු හෙබවූවේය.

මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ. මීට ප්‍රථම මෙම ධූරය කර්නල් එස්.එල්.එස්. කුමාරගේ යූඑස්පී විසින් හොබවනු ලැබිණි.