Header

Sri Lanka Army

Defender of the Nation

26th May 2023 11:06:12 Hours

යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වශයෙන් ධූරයේ කටයුතු කරනු ලබන යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී, මේජර් ජෙනරල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව පසුගිය 15 (සදුදා) දින කොළඹ, යුද්ධ හමුදා රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේය.

රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී වෙත යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව, එතුමන් සියලු නිලයන් ඇමතීම සිදුකරන ලද අතර, පසුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වෙමින් භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත්තේය.

උත්සව අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් එක් වූහ.