Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2023 19:29:32 Hours

නික්මයන සේනාංකාධිපතිතුමන්ට 11 පාබල සේනාංකයේ ගෞරවාචාරය

11 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය ඉරිදා (ජුනි මස 04) දින මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ස්ථාපිත 11 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

කඳවුර වෙත සපැමිණි මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත 10 ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය හා 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව ධූරයේ රාජකාරි භාරදීම සනිටුහන් කරමින් එතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවේය.

සමූහ ඡායාරූපයකට පෙනී සිටීමෙන් අනතුරුව එතුමන් කඳවුරු පරිශ්‍රය තුළ නවතමයෙන් ඉදිකරන ලද කොනොනි සමාජ ශාලාව විවෘත කරනු ලැබීය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.