Header

Sri Lanka Army

Defender of the Nation

05th June 2023 19:28:32 Hours

59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් නන්දිකඩාල් බලඇණි පුහුණු පාසලේ සංචාරයක

59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී ඉකුත් අඟහරුවාදා (මැයි මස 30) දින නන්දිකඩාල් ප්‍රදේශයේ පිහිටි බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත වූ අතර, එහිදී බලඇණි පුහුණුවීම්වල නිරත 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි පුහුණුවීම් කටයුතු පිළිබඳ පරීක්‍ෂා කරනු ලැබීය.

සංචාරය අතරතුර, සේනාංකාධිපතිතුමන් විසින් එම පුහුණු පාසලේ පවතින පහසුකම් පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි පුහුණුවීම් සම්බන්ධ නිදර්ශන නැරඹීමෙන් පසුව එම පුහුණු අභ්‍යාස තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය. මෙම සංචාරය සඳහා 591 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එන්.එම්.ඒ.බී අරඹේපොල ආර්ඩබ්ලිව්පී, බලඇණි පුහුණු පාසලේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.