Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2023 17:42:48 Hours

විශේෂ බලකායේ නව බලකාධිපති රාජකාරි අරඹයි

විශේෂ බළකායේ 13 වන බලකාධිපති ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී පසුගිය සිකුරාදා (ජුනි 2) දින නාඋල ප්‍රදේශයේ පිහිටි විශේෂ බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාර ගන්නා ලදී.

සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් මහා සංඝරත්නයේ ‘සෙත් පිරිත්’ සජ්ඣායනා මධ්‍යයේ සිය ධූරයේ රාජකාරී භාරගැනීම සනිටුහන් කළේය.

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ සියලුම මාණ්ඩලික නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගෙන කාර්යාලය වෙත කැඳවාගෙන යනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී, 64 පාබල සේනාංකයේ මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්. එම්. එම් රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වුහ.

මෙම නව පත්වීමට අමතරව මෙතුමන් 1 බළකා මූලස්ථානය යටතේ ස්ථාපිත 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද කටයුතු කරනු ලබයි.