Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2023 17:34:35 Hours

මින්නේරිය පාබල පුහුණු පාසල් කඳවුරු පරිශ්‍රය තුළ පැළ සිටුවීමේ ව්‍යපෘතියක්

මින්නේරිය පාබල පුහුණු පාසලේ භටපිරිස් විසින් පරිසර සංරක්ෂණ ව්‍යාපෘතිවල කොටසක් ලෙස සඳුදා (5) දින ඒම කදවුරු පරිශ්‍රය තුළ දුර්ලභ ගනයේ විශේෂ පැළ වර්ග 500ක් සිටුවන ලදී.

සෙන්ට්‍රල් ෆිනෑන්ස් පුද්ගලික සමාගම විසින් එම පැළ තොගය මින්නේරිය පාබල පුහුණු පාසල වෙත පරිත්‍යාග කළ අතර, කුඹුක්, ඇසල, මී, පලු, ආදී පැළ සිටුවීම සඳහා මින්නේරිය පාබල පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්. ඒස්.කේ ලියනවඩුගේ ආර්ඒස්පී ඇතූලු නිලධාරීන් සහ සෙසු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙම වැඩසටහන සඳහා මධ්‍යම මූල්‍ය ආයතනයේ ප්‍රාදේශීය කළමනාකාර චමින්ද රත්නායක මහතාද සහභාගී විය.