Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2023 23:26:26 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි 62 වන සේනාංකයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ පසුගිය අඟහරුවාදා (24) දින ගල්කුලම, පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පිහිටි 62 වන සේනාංක මූලස්ථානයේ නිල සංචාරයක නිරත වූ අතර, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජානක රණසිංහ විසින් සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි පිළිගන්නා ලදී.

සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි වෙත සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive pass) ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, මේජර් ජෙනරල් ජානක රණසිංහ 62 වන සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හී නිලධාරින් සහ සෙසුනිලයන් අමතමින් විනයගරුක සහ ආර්ථික වශයෙන් ශක්තිමත් සොල්දාදුවෙකු වීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය.

62 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරමින් සංකේතාත්මකව සිය සංචාරය සනිටුහන් කළ මේජර් ජෙනරල් ජානක රණසිංහ කඳවුරු පරිශ්‍රයේ පිහිටි වෙඩි පිටිය ද නිරීක්‍ෂණය කළේය. සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් 62 වන සේනාංකය යටතේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් සමඟ සුහද පිළිසඳරක ද නිරත විය.