Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2023 23:56:42 Hours

අභාවප්‍රාප්ත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරේ

වසර 30 කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර දිවිපිදූ 1 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ අවසන් කටයුතු යාපනය, කීරමලේ පොදු සුසාන භූමියේදී පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකෙරිණි.

වර්ෂ 1980 මාර්තු මස 16 දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ තෙලිප්පලෛ, මාවෙන්කල්ලඩි ප්‍රදේශයේ පදිංචිව සිටි සැරයන් සුන්දරම් අරුලම්බලම් හදිසි රෝගාබාධයක් හේතුවෙන් පසුගිය සඳුදා (23) දින අභාවප්‍රාප්ත විය.

සැරයන් සුන්දරම් අරුලම්බලම් සිය සේවා කාලය තුළ වීරෝධාර රණවිරුවෙකු ලෙස අප මාතෘභූමිය කෙරෙහි තම දේශප්‍රේමය පෙන්නුම් කරමින් 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරීන්ගේ සිත් දිනා ගත් යුද්ධ හමුදා සාමාජිකයෙකු විය.

මෙම අවමංගල්‍ය උත්සවයේ සංවිධාන කටයුතු ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට සහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වජිර වෙලගෙදර ගේ මඟපෙන්වීම හා 513 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රිස්වි රාසික් ගේ අධීක්‍ෂණය මත සිදුකරනු ලැබීය.

අභාවප්‍රාප්ත සැරයන් සුන්දරම් අරුලම්බලම් ගේ දේහය භටපිරිස් විසින් සුසාන භුමියේදී භාරගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව එතුමන් වෙත ගෞරවාචාර සිදුකරමින් ඔහුගේ අවසන් කටයුතු සිදුකරනු ලැබීය.