Header

Sri Lanka Army

Defender of the Nation

07th January 2023 22:20:12 Hours

පාදුක්ක ප්‍රදේශයේ වෙසෙන අවශ්‍යතා සහිත පවුල් වෙත කිරිපිටි පැකට් පරිත්‍යාගයක්

‘ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා’ පුද්ගලික සමාගමේ (Fonterra Brands Lanka Company Ltd) අනුග්‍රාහකත්වය මත හරිත කෘෂිකර්ම මෙහෙයුම් මධ්‍යස්ථානය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර එක්ව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 80 ක් වෙත කිරිපිටි පැකට් 160 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (05) දින එම ප්‍රදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරන ලදී.

ඉකුත් දින කිහිපය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13 ක අවශ්‍යතා සහිත සිවිල් වැසියන් සඳහා කිරිපිටි පැකට් 4536 ක් පරිත්‍යාග කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර සහ 15 වන නියමුවන් රහිත ගුවන්යානා රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි දායකත්වය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

‘ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා’ පුද්ගලික සමාගමේ දකුණු ආසියානු කළමනාකාර අධ්‍යක්‍ෂ යුවාන් විග්නේෂ්වරන් මහතා සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මෙම අවස්ථාවට සහභාගි විය.

එමෙන්ම, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.