Header

Sri Lanka Army

Defender of the Nation

07th January 2023 22:13:33 Hours

7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මූලිකත්වයෙන් හිඟුරක්ගොඩ ධර්මපාල බෝසත් බාලිකා නිවාසයේ නේවාසික දැරියන්ට සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් හෝටල් හිමිකරුවෙකු ලබාදුන් අනුග්‍රාහකත්වය මත පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පිහිටි ධර්මපාල බෝසත් බාලිකා නිවාසයේ නේවාසික දැරියන් 45 දෙනෙකු වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් 2022 දෙසැම්බර් මස 27 දින ක්‍රියාත්මක කරනු ලැබීය.

බ්‍රිගේඩියර් වසන්ත හේවගේ ගේ ඉල්ලීමකට අනුව ගිරිතලේ ප්‍රදේශයේ පිහිටි ‘විවේරා’ හෝටලයේ හිමිකරු රංග සිල්වා මහතා විසින් මෙම වැඩසටහන සඳහා සිය අනුග්‍රාහකත්වය දැක්වීය. මෙම අවස්ථාවට 233 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන් ද සහභාගී විය.

මෙම වැඩසටහන සමාප්තියේ, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් පවත්වන ලද සංගීතමය වැඩසටහනකදී එම බාලිකා නිවාසයේ දැරියන් වෙත ගායන හා නර්තන කුසලතා එළිදැක්වීමට ද අවස්ථාව උදාවිය.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.