Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2023 20:55:01 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද 26 වන සංවත්සරය සහ 2023 නව වසරේ වැඩකරන ප්‍රථම දිනයට සමගාමීව වැඩසටහන් මාලාවක් පවත්වයි

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානයේ අභිමානවත් 26 වන සංවත්සරය සහ 2023 නව වසරේ වැඩකරන ප්‍රථම දිනයට සමගාමීව එම මූලස්ථානයේදී පසුගිය සඳුදා (02) දින වැඩසටහන් කිහිපයක් පැවැත්විණි.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ ගේ මූලිකත්වයෙන් ධජ එසවීමෙන් අනතුරුව රාජ්‍ය ප්‍රතිඥාව සහ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නව අවුරුදු පණිවිඩය කියවීම යනාදී හමුදා සම්ප්‍රදායානුකූල අංගයන් පැවැත්වීමේ අවස්ථාවට නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ වෙත 2 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව කර්නල් ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද කර්නල් වරුණ පෙරේරා විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ජාතික කොඩිය හා යුද්ධ හමුදා ධජය එසවීමේ පෙළපාලිය සඳහා සහභාගී වූ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව භටපිරිස් ඇමතුවේය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පැවති සියලුනිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එතුමන් සහභාගී විය.