Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2023 20:57:04 Hours

දානපතියන් දෙදෙනෙකු විසින් යුද්ධ හමුදා රෝහල වෙත මුව ආවරණ තොගයක් පරිත්‍යාග කරයි

නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි රවීන් උදය විජේසිංහ සහ සමන් විජේසිංහ යන පරිත්‍යාගශීලීන් විසින් මනා ප්‍රමිතියකින් යුත් මුව ආවරණ ලක්‍ෂ 2 ක තොගයක් නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත ඉකුත් දිනයක පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහන කොළඹ යුද්ධ හමුදා රෝහලේ කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජනක විතානාච්චි ප්‍රමුඛ එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ භටපිරිස් විසින් සම්බන්ධීකරණය කරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.