Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2023 20:59:05 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අනුග්‍රාහකත්වය මත පාසල් සිසු සිසුවියන්ට පාසල් උපකරණ පරිත්‍යාගයක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර වෙතින් හෝමාගම පිටිපන ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින අවශ්‍යතා සහිත පාසල් සිසු සිසුවියන් 50 දෙනෙකු වෙනුවෙන් රුපියල් 2000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ සහ තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (05) දින එම පාසල් පරිශ්‍රයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ උපදෙස් සහ 142 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ජයසිංහ හා 15 වන කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඒ.එස්.එම්. විජයලත් ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූහ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහභාගී වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, විදුහල්පති සහ එම විද්‍යාලීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

එම ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් මොහාන් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් බදුල්ල, දෙමෝදර සවුතම් දමිළ පාසලේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 50 දෙනෙකු වෙත පාසල් උපකරණ, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය සහ මුඛ ආවරණ ආදියෙන් සමන්විත රුපියල් 2000.00 ක වටිනාකමකින් යුත් ත්‍යාග පාර්සල් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (05) දින ක්‍රියාත්මක කෙරිණී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම නියෝජනය කරමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කුමාර විනිගසේකර සහභාගී වූ අතර තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, දෙමෝදර සවුතම් දමිළ පාසලේ විදුහල්පති සහ විද්‍යාලීය කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ අනුග්‍රාහකත්වය මත විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන මුලතිව් කේප්පාපිලව් ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 50 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ තවත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවලින් සමන්විත රුපියල් 2000.00 ට අධික වටිනාකමකින් යුත් ත්‍යාග පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ද පසුගිය දා ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් දර්ශන විජේසේකර ගේ උපදෙස් හා 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මහින්ද රණසිංහ ගේ අධීක්‍ෂණය මත සහභාගී වූ 591 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව පෙරේරා සහ 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.කේ. කලුවදෑවගේ විසින් කේප්පාපිලව් ප්‍රාථමික විද්‍යාල පරිශ්‍රයේදී මෙම පාසල් උපකරණ සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීම සිදුකරන ලදී.