Header

Sri Lanka Army

Defender of the Nation

06th January 2023 21:01:03 Hours

62 වන සේනාංක මූලස්ථානය වෙතින් පාසල් උපදේශකවරුන්ට කඹ ඇදීමේ පුහුණු වැඩසටහනක්

කඹ ඇදීමේ ක්‍රීඩාවට සිසුන් ඇතුළත් කරගැනීම කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කරමින් උතුරුමැද පළාතේ රජයේ පාසල්වල ශාරීරික හා ක්‍රීඩා පුහුණු උපදේශකවරුන් දිරිගැන්වීමේ සහ පුහුණු කිරීමේ අරමුණ පෙරදැරිව 62 වන සේනාංකය වෙතින් ක්‍රීඩා උපදේශකයින් 58 දෙනෙකු වෙනුවෙන් පසුගිය බදාදා (04) දින උතුරුමැද පළාත් තොරතුරු තාක්‍ෂණික හා දුරස්ථ අධ්‍යාපනික කේන්ද්‍රයේදී පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

62 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති මේජර් ජෙනරල් ජනක රණසිංහ ගේ සංකල්පයකට අනුව මෙම කාලීන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. න්‍යායික සහ ප්‍රායෝගික වැඩසටහන් වලින් සමන්විත වූ මෙම පුහුණු වැඩසටහන සඳහා ජාතික කඹ ඇදීමේ කණ්ඩායමේ සාමාජිකයින්, රෙජිමේන්තු සහ ජාතික මට්ටමින් ඇගයීමට ලක්ව ඇති යුද්ධ හමුදා සාමාජිකයින් ද සහභාගී වූහ.

පුහුණු වැඩසටහන සමාප්තියේ, 62 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා ජාතික කඹ ඇදීමේ සම්මේලනයේ නිලධාරීන් විසින් වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම දෙනා වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එම්.එම්. හෙට්ටිආරච්චි මහත්මිය, අනුරාධපුර කලාප අධ්‍යාපන ක්‍රීඩා අධ්‍යක්‍ෂ කරුණාරත්න බණ්ඩාර මහතා, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.