Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2023 20:10:29 Hours

යුද්ධ හමුදාවේ ප්‍රධානත්වයෙන් පාසල් ශිෂ්‍ය නායකයින්ට නායකත්ව පුහුණු වැඩමුළුවක්

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ ගේ මඟපෙන්වීම සහ සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකය වෙතින් පසුගිය අඟහරුවාදා (20) දින 09, 10 සහ 11 ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ශිෂ්‍ය නායකයින් 127 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්වය’ පිළිබඳ පූර්ණ දින පුහුණු වැඩමුළුවක් මත්තේගොඩ ප්‍රදේශයේ පිහිටි ‘සැපර්ස් ලෙෂර් බේ’ (Sappers’ Leisure Bay) හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීය.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන අභියෝගවලට මුහුණ දීමට සහ විනයානුකූලව දක්‍ෂතා ප්‍රවර්ධනය කරගැනීමට හැකි වන පරිදි තරුණ තරුණියන්ගේ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම අරමුණින් පවත්වනු ලැබීය.

නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම, සමාජ විනය, නිපුණතා සංවර්ධනය සහ අභියෝගයන්ට මුහුණු දීම ආදී කරුණු පිළිබඳව සිසු සිසුවියන් දැනුවත් කිරිම සඳහා ප්‍රායෝගික ක්‍රමවේදයන් ඔස්සේ මෙම වැඩමුළුව පවත්වන ලදී.

මෙම වැඩසටහන ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල ඉංජිනේරු සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි කර්නල් ප්‍රදීප් සිරිවර්ධන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 14 වන රසායනික න්‍යෂ්ඨික ජීවවිද්‍යාත්මක සහ විකිරණශීලි ප්‍රතිචාර බලඝණයේ අණදෙන නිලධාරි ගේ අධීක්‍ෂණය යටතේ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩමුළුව සමාප්තියේ ශිෂ්‍ය නායකයින් සඳහා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවයක් ද පැවති අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල සහභාගී විය. මෙම අවස්ථාවට පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ප්‍රමුඛ ගුරු භවතුන් ද සහභාගී වූහ.