Header

Sri Lanka Army

Defender of the Nation

03rd January 2023 20:12:12 Hours

කොස්ගම යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයට වසර 43 ක් සපිරේ

2023 ජනවාරි මස 1 දිනට යෙදෙන කොස්ගම, සාලාව ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ අභිමානවත් 43 වන සංවත්සරය වෙනුවෙන් එම මූලස්ථානයේදී සංවත්සර සැමරුම් උත්සවයක් සංවිධානය කරනු ලැබීය.

සංවත්සර දිනයට සමගාමීව 2022 දෙසැම්බර් මස 31 දින කොස්ගම ‘සැඳෑ සෙවණ වැඩිහිටි නිවාසයේ’ ශ්‍රමදාන වැඩසටහනක්, දානමය පිංකමක් සහ ත්‍යාග ප්‍රදානෝත්සවයක් සංවිධානය කරන ලදී.

සංවත්සර සැමරුම් උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබූහ. අනතුරුව, භටපිරිස් ඇමතූ එතුමන් සියලුනිල දිවා භෝජන සංග්‍රහයකට ද සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.