Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2023 20:04:26 Hours

58 වන සේනාංකයේ 14 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරේ

පුත්තලම ප්‍රදේශයේ ස්ථාපිත 58 වන සේනාංකයේ 14 වන සංවත්සර දිනය වෙනුවෙන් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විපුල ඉහළගේ ගේ උපදෙස් මත 2023 ජනවාරි මස 1 සිට 3 දින දක්වා කාලය තුළ සැමරුම් උත්සවයක් පැවැත්විණි.

සංවත්සර දිනයට සමගාමීව ජනවාරි මස 01 දින සේනාංක මූලස්ථානයේදී පිරිත් සජ්ඣායනා කිරීමෙන් අනතුරුව ප්‍රදේශයේ වැඩවසන භික්‍ෂූන් වහන්සේලා 50 නමක් උදෙසා දානමය පිංකමක් ද සිදුකෙරිණි. එමෙන්ම, සඳුදා (2) දින ‘කිවුල ශ්‍රී ඥානෝදය පිරිවෙන’ වෙත අත්‍යාවශ්‍ය වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණි.

සංවත්සර දිනය යෙදුනු අඟහරුවාදා (03) දින සේනාංක මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී.

58 වන සේනාංකයේ සෙසුනිලයින්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව නවාතැන් පහසුකම් සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව සේනාංකාධිපතිතුමන් භටපිරිස් ඇමතීය. මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.