Header

Sri Lanka Army

Defender of the Nation

05th January 2023 20:16:11 Hours

පඩිප්පලෛ ප්‍රදේශයේ යුද්ධ හමුදාව වෙතින් පරිහරණය කරනු ලැබූ ඉඩම් මුදාහැරේ

11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් මේ දක්වා භාවිතා කරනු ලැබූ කොක්කඩිචෝලෛ ප්‍රදේශයේ පඩිප්පලෛ ග්‍රාම නිලධාරී වසමේ අක්කර 2 ක භූමි ප්‍රමාණයක් එම ඉඩම්වල නීත්‍යානුකූල හිමිකරුවන් වෙත බෙදාදීම සඳහා පසුගිය සිකුරාදා (30) දින මන්මුනෛ නිරිතදිග ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත භාරදෙනු ලැබීය.

යුද්ධ හමුදා මූලස්ථානය විසින් ලබාදුන් උපදෙස් හා 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ අධීක්‍ෂණය යටතේ මෙම ඉඩම් මුදාහැරීම සිදුකරනු ලැබූ අතර අදාළ ඉඩම් හිමිකරුවන් ද එම ස්ථානයට පැමිණ සිටියහ.

මෙම ඉඩම් මුදාහැර බෙදාදීමේ උත්සව අවස්ථාව සඳහා 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, මඩකලපුව දිස්ත්‍රික් ඉඩම් ලේකම්, මන්මුනෛ නිරිතදිග සහකාර ප්‍රාදේශීය ලේකම්, ඉඩම් හිමිකරුවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.